Gossip Hot News

Underground Hot News from Sri Lanka

Our Facebook page

Gossip hot news

Advertisement

Gossip Hot Lanka Status


දැනට පලාත් සභා මංත්‍රීවරියක් ලෙස දැනට කාලය ගෙවන අනර්කලී ආකර්ෂා ලබන වසරේ පැවැත්වෙන දකුණු පලාත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන බව පවසා තිබේ.

රටේ තරුණ පරපුරට සේවයක් කල හැක්කේ පලාත් සභාවෙන් නොව පාර්ලිමේන්තුවට පැමිණීමෙන් නිසා මෙම තීරණය ගත් බවයි ඇය පවසන්නේ.

කොහොමද ‍ඔබේ දේශපාලන කටයුතු?
දේශපාලන කටයුතු හොඳින් කරගෙන යනවා. ලබන අවුරුද්දේ දකුණු පළාතේ ඡන්දයක් තියේවි.


දකුණු පළාතේ මට ඡන්දය දුන්නු ජනතාව වෙනුවෙන් මට කරන්න ලැබුණු වැඩකටයුතුත් එක්ක මම ලබන පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වෙනවා. දේශපාලනය තුළ මගේ බලාපොරොත්තුව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමයි.


ඒ මොකද, අපේ රටේ කාන්තාවන් සහ තරුණ පරපුර වෙනුවෙන් කිසියම් වැඩක් කරන්න මට ලොකු ආශාවක් තියෙනවා. ඒ සඳහා සුදුසු ම තැන තමයි පාර්ලිමේන්තුව.

ඔබ ඔබේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ කලා කටයුතුවලට ද දේශපාලන කටයුතු වලට ද?

වැඩි කාලයක් යොදවන්නේ කුමකට ද කියලා මට කියන්න අමාරුයි. නමුත් මම මූලිකත්වය දෙන හැම දේටම මම කැපවෙනවා. අද කාලෙ එක පුද්ගලයෙකුට එක වැඩක් පමණක් කරල සෑහෙන්නේ නෑ. වැඩ දෙක තුනක් එකවර කරන්න සිදුවෙනවා.



මම මගේ කාලය කළමනාකරණය කරගෙන දේශපාලන කටයුතුත් කලා කටයුතුත්, ව්‍යාපාරික කටයුතුත් සාර්ථකව කරගෙන යනවා. ක්ෂේත්‍ර ගණනාවක වුණත් එකවර අභියෝග බාරගන්න පුළුවන් කෙනෙක් මම.

______________________________________________________________________ Gossip Hot News | Lanka Gossip | Lanka Hot News | Sri Lanka News | Gossip News Sri Lanka | Gossip Sri Lanka | hot news | Gossip news | news sri lanka | songs | videos | films | online tv | actress pictures _________________________________________________________ _____________ 2013 Gossip Hot News :: All the content on this website is copyright protected.

Advertisement

Latest Post