පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයින් ඇතුළු නියෝජිත මණ්ඩලවලට සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා වෛද්යවරු ඇතුළු 600ක බල ඇණියක් සූදානම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්යංශය පවසයි. ඒ අතර වෛද්යවරුන් 200ක්, හෙද නිලධාරීන් 200ක් සහ වෙනත් කාර්ය මණ්ඩලවලට අයත් නිලධාරීන් 200ක් ඇති අතර කොළඹ ජාතික රෝහල, රාගම ශික්ෂණ රෝහල, මීගමුව මූලික රෝහල විශේෂ සූදානමකින් තබා ඇත. එසේම බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ ද විශේෂ වෛද්‍ය ඒකකයක් ස්ථාපිත කර ඇත.
ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇදන් 7ක්, වෙනම වාට්ටුවක් , වෛද්‍ය ඒකක 2ක් පැය 24 පුරා ක්රියාත්මක වන පරිදි සූදානම් කර ඇති අතර ජාතික රෝහලේ ස්නායු ක්ෂති ඒකකයේ හෙලිකොප්ටර් අංගනය ද නිරන්තරයෙන් සූදානම් කර පවතියි.
එමෙන්ම නවීන ගිලන් රථ හැත්තෑවකින් සමන්විත ගිලන්රථ සංචිතයක් ද සූදානම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්යංශය සඳහන් කරයි